brand logo

යුනියන් ඇෂුවරන්ස් සිසුමග+ වෙනුවෙන් සංවේදී වෙළෙඳ දැන්වීමක්

25 August 2020

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ‘සිසුමග+’ සැලසුම වෙනුවෙන් නිර්මාණය කරන ලද නවතම වෙළෙඳ දැන්වීම පසුගිය අගෝස්තු 09 වනදා මුල්ම වරට විකාශනය කරන ලදී. Sarva Colombo මගින් නිර්මාණය කරන ලද මෙම වෙළෙඳ දැන්වීම සඳහා කමල් අද්දරආරච්චි, ශියෝලි ජයරත්න, නෙත්මි හෙට්ටිආරච්චි සහ සඳලි පතිරගේ රංගනයෙන් දායක වෙති. විනාඩි දෙකක කාලයක් දිවෙන මෙම වෙළෙඳ දැන්වීම, ජීවිතයේ විවිධ අවධීන් තුළ දෑස් අන්ධ පියකු (කමල් අද්දරආරච්චි) සහ ඔහුගේ දියණිය අතර සම්බන්ධතාව ගලායන ආකාරය විදහා දක්වයි. දියණිය තම පියාගේ කැපකිරීම් කෙබඳුදැයි වටහා ගන්නේ උසස් අධ්‍යාපනයේ පරතෙරට යාමෙන් අනතුරුවය. මේ සංවේදී නිර්මාණය ජීවිතයේ අවිනිශ්චිතතාවන් සහ, එම අවිනිශ්චිතතාවන් හමුවේ තම දරුවන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් දෙමාපියන් සිදුකරන කැපකිරීම් මනාව නිරූපණය කරයි. යුනියන් ඇෂුවරන්ස් හඳුන්වා දී ඇති සිසුමග+ ආවරණයද එම මූලික ගුණාංග කැටිකර ගනිමින් නිර්මාණය වූවකි. මේ පිළිබඳව අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙසේ පැවසීය. “මෙය අපට හුදෙක් ප්‍රචාරණ වැඩසටහනකට එහා ගිය දෙයක්. මෙය ඇත්ත වශයෙන්ම අපේ මූලික අරමුණ හෙවත් රැකවරණය සැපයීම ගැන සාකච්ඡා කරන නිර්මාණයක්. යුනියන් ඇෂුවරන්ස් යනු, දෙමාපියන් තම දරුවන්ගේ අනාගතය සැලසුම් කිරීමේදී අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අවධානයට යොමු විය යුතු නාමයක් බව අප විශ්වාස කරනවා. අප කවදත් උත්සාහ කළේ ඔවුන්ගේ සිහින හා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කිරීමට අවශ්‍ය අත්වැල ලබාදීමටයි. මේ වෙළෙඳ දැන්වීමේ සිටින පියාගෙන් නිරූපණය වන්නේ දෙමාපියන් තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කරන කැපකිරීමේ මහිමයයි. එය කාටත් පොදු, සංවේදී මානව බැඳීමක කතාවක්. ඒ වෙළෙඳ දැන්වීම ඒ බැඳීමේ අරුත මැනැවින් පහදා දෙනවා.”
 

More News..