brand logo

යුධ හා නාවික හමුදා නිලධාරීන් උතුරේ ළිං පිරිසිදු කරයි

28 December 2018

උතුරු පළාතට හටගෙන තිබෙන ජල ගැලීමේ හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ සිවිල් ජනතාවගේ හා පොදු ස්ථානවල පැවති ළිං ජලය අපිරිසිදු වි ඇති අතර, අදාළ ළිං පිරිසිදු කිරීම නාවික හමුදා නිළධාරීන් හා යුධ හමුදා නිළධාරීන් විසින් සිදුකරනු ලබයි. උතුරු මැද නාවික විධානයට අයත් නාවික නිළධාරීන් 79 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හා කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන යුධ හමුදා නිළධාරීන් එක්ව ළිං පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබති. කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේ ළිං පිරිසිදු කිරීම දැනට සිදුකරමින් පවතින අතර,ආපදාවට පත්වූවන්ගේ පෞද්ගලික ළිං හා පොදු ස්ථාන ළිං මේ වන විට පිරිසිදුකිරීම් සිදුකරන අතර,නාවික හමුදා ජංගම ජල පිරිපහදු ජල පෙරණය යොදාගෙන පීඩාවට පත්වූවන් වෙනුවෙන් පිරිසිදු ජලය සපයාදීමද සිදුකරනු ලබයි. ජල ගැලීම් හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශයන්ගේ සියළුම ළිං මඩවලින් පිරි ඇති අතර,ළිං ජලයද භාවිතයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව පවති. වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් උතුරු පළාතේ පවුල් 27625 කට අයත් පුද්ගලයින් 114458 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..