brand logo

යුධ හමුදා සෙබළු තිදෙනෙක්ට කොවිඩ්

03 November 2020

නිරෝධායනය වෙමින් සිටි යුධ හමුදා සෙබළු තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වේ. ශ්‍රි ලංකා යුධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ හමුදා සෙබළුන් තිදෙනෙකුට මෙලෙස කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. තලවාකැලේ - පතන ශ්‍රිපාද අධ්‍යාපන විද්‍යාපිඨයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිය දී නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් ඊයේ ( 02 ) සිදුකල පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔවුන් ආසාදිතයන් බව තහවුරු වී ඇත. මෙම පිරිසට අයත් නිලධාරින් 03 ක් සාමාන්‍ය සෙබළු 239 හා සිවිල් රාජකාරි කටයුතු වල නිරත වන පුද්ගලයින් 07 ඉකුත් 29 වන දා කොළඔ මැලේ විදියේ කදවුරේ සිට මෙහි රැගෙන විත් නිරෝධායනයට ලක්කර තිබේ. මොවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැල හා සම්බන්ධ රාජකාරි කටයුතු වල නිරතව සිටිය දි ආසාදනය වී ඇති බව පැවසේ. ඔවුන් රෝහල් ගත කිරිම සදහා අදාල දැනුවත් කිරිම් සිදුකර තිබෙන බවද වාර්තා වේ. චන්දන ජයවීර - හැටන්
 

More News..