brand logo

යුධ හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට

25 June 2019

යුධ හමුදා ට්‍රක් රථයක් අද(25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුධ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවයි. කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ අදාළ පිරිස ගැටී ඇති අතර යුධ හමුදා හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද ප්‍රදේශවාසීන් පවසති. මියගිය පිරිස හා බරපතල තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..