brand logo

යුධ හමුදාවෙන් විශ්‍රාම ගියත් රට වෙනුවෙන් යමක් කරන්න ශක්තියක් ජවයක් තියෙනවා

26 August 2019

යුධ හමුදාවෙන් විශ්‍රාම ගියද තමන්ට රට වෙනුවෙන් යමක් කිරීමට ජවය ශක්තිය ධෛර්ය ඇති බව හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. අද උදෑසන මහනුවර ‌ෙඒතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා මෙම අදහස් පල කළේය. එහිදී වැඩිදුරටත් අදහස් හිටපු යුද්ධ හමුදාපතිවරයා මෙසේ සදහන් කළේය. මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 38ක කාලයක් සේවය කරලා තමයි මේ අවස්ථාවේ විශ්‍රාම යන්නේ. යුද්ධ හමුදාවේ සේවය කළ කාලයේ තුළදී මා කළ කාර්යයන් පිළිබදව මා සෑහීමකට පත් වෙනවා. විශේෂයෙන්ම යුද්ධ හමුදාපති හැටියට කටයුතු කාලයේදී මේ රටේ ජනතාව මා කෙරෙහි රජය කෙරෙහි පැවැත් වූ කැමැත්ත පිළිබදව ඔවුන්ට ස්තූති වන්ත වනවා. මා යුද්ධ හමුදාවේ නිලධාරියෙකු හැටියට විශ්‍රාම ගියත් මට තාමත් ශක්තියක්, ජවයක්, ධෛර්යයක් තිබෙනවා මේ රටට ඵලදායි ආකාරයට යමක් කරන්නට. හිටපු හමුදාපතිවරයෙක් හැටියට මට පැහැදිලිවම සිදුවනවා රටේ තිබෙන දේවල් වලට ඉදිරිපත් වෙන්න. එහිදී මාධ්‍යවේදියෙක් විසින් හිටපු යුද්ධ හමුදාපතිවරයාගෙන් දේශපාලනයට පිවිසෙනවාද නෑද්ද යන්න පිළිබදව අසා සිටියේය. දේශපාලනය ගැන කතාකරන්න මං බලාපොරොත්තුවෙන්නේ නැහැ. දේශය පාලනය කරනවා කියන්නේ දේශපාලනය කරනවා කියන එක නෙමෙයි. නමුත් මේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය සදහා හමුදා නිලධාරියෙක් හැටියට විශ්‍රාම ගියත් කටයුතු කරන්න පුළුවන්. ඒකේ අදහස වේදිකාවලට නැගලා, පක්ෂයකට බැදිලා මේ දේශපාලනය කරන එක නෙමෙයි. දේශයට වැඩක් කරනවා නම් මං එතන ඉන්නවා. ෆීල්ඩ් මාෂල් වැනි ධූරයක් තමන්ට ලැබුනහොත් එය භාර ගන්නවාද නැද්ද යනුවෙන් මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්න කළ අතර ඊට හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පිළිතුරු ලබාදුන්නේ මේ ආකාරයෙනි. ෆීල්ඩ් මාෂල් ධූරය රටක යුද්ධයක් තිබෙන අවදියකදී එම නායකයින්ට තමා ලබාදෙන්නේ. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීම පිළිබදව කිසිම ප්‍රශ්නයක් නැහැ එතන. ඔහු යුද්ධ හමුදාවට අණ දුන්නා. එතුමා යුද්ධ හමුදාවට අණ දුන්නේ නැත්නම් අද අපි මේ වගේ කතා කරන්න සාමයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නාවිකා හමුදා ගුවන් හමුදාවට අතිගරු ජනාධිපතිතුමා ඒ්වා දීලා තියෙන්නේ. මට ඒ සුදුසුකම නැහැ කියන එකයි මගේ අදහස. මම ජනරාල් කෙනෙක් බවට පත් වුණා. මං හිතන්නේ ඒක තමයි මට වෙන්න ඔ්න දේ. නැතුව ඒ තත්ත්වයන් වෙනස් කළ යුතු තත්ත්වයන් මේ රටේ නැහැ. මං බලාපොරොත්තු වෙන්නෙත් මං ප්‍රාර්ථනා කරන්නෙත් මේ රටේ තවදුරටත් යුද්ධයක් ඇති නොවේවායි කියන එක තමයි හැම වෙලාවේම. එහෙම නම් ෆීල්ඩ් මාෂල්ලා තවදුරටත් බිහිවෙන්න අවශ්‍ය නැහැ යුද්ධයක් ඇති කරගෙන.
 

More News..