brand logo

යුධ හමුදාවෙන් අලුත් මෙහෙයුමක්

21 January 2019

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ යුධ හමුදා නිළධාරීන් ප්‍රදේශය පුරා පෝස්ටර ඇලවීමේ වැඩසටහනක් සිදුකරන බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති. කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අදාළ පෝස්ටර හා දැන්වීම් කිලිනොච්චිය හා මුලතිව් යුධ හමුදා නිළධාරීන් ඊයේ(20) රාත්‍රියේ ඇලවු බවයි. ජනාධිපති කාර්ය සාධක බළකාය සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(21) මුලතිව්,මුල්ලියාවේලි විද්‍යාලයේදී පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් යුධ හමුදා නිළධාරීන් අදාළ පෝස්ටර ඇලවු බව ප්‍රදේශවාසීන් පැවසූහ. කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසුවේ උතුරේ දිනෙන් දින වැඩිවෙමින් පවතින මත් උවදුර මැඩලීමට යුධ හමුදා නිළධාරීන් මෙලෙස දායත්වය සැපයීම වෙනුවෙන් යුධ හමුදා නිළධාරීන්ට ප්‍රසංශා කරන බවයි. වවුනියාව - මාධව කුලසූරිය  
 

More News..