brand logo

යුධ හමුදාපතිට එරෙහි අමෙරිකානු තීරණයට රජයේ දැඩි විරෝධය

15 February 2020

යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව අමෙරිකානු රජය ගෙන ඇති තීරණයට රජයේ දැඩි විරෝධයට ලක්ව තිඛේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේ ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව මෙරට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔවුගේ පසුවේ සාමාජිකයන්ට එරටට ඇතුලුවීම තහනම් කර ඇති බවයි. ඒ අනුව අමෙරිකාව විසින් ගෙන ඇති තීරණයට දැඩිව විරෝධය පලකරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. ජේ්‍යෂ්ඨත්වය මත පදනම්ව මෙරට රාජ්‍ය නායකයා විසින් ශවේන්ද්‍ර සිල්වා මහතාව යුධ හමුදාපති ධුරයට පත්කර ඇති බව රජය යලි අවධාරණය කර තිඛේ. තොරතුරු සහ මුලාශ්‍රවල සත්‍යතාව තහවුරු කරගනිමින් අදාල තහනම සමාලෝචනය කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
 

More News..