brand logo

යුද හමුදා රෝහලේ උණුසුම් තත්ත්වයක්

25 September 2021

රට යන දරුවන්ට මොඩෝනා දීලා - රටේ ඉන්න දරුවන්ට හුළං

මොඩර්නා එන්නත ලබාගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි. නාරාහේන්පිට යුද හමුදා රෝහලට අද පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල වශයෙන් පැමිණ තිබුණි. එම මධ්‍යස්ථානයෙන් අදාළ එන්නත ලබානොදෙන බවට යුද හමුදා රෝහලේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමග මෙම නොසන්සුන්තාව හටගෙන ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කළ දැනුම්දීමක් අනුව තමන් එන්නත් ලබාගැනීම සඳහා පැමිණි බව එහි පැමිණි සිසුන් පිරිසක් ප්‍රකාශ කර තිබේ. ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් අද සහ හෙට (26) යන දෙදින තුළ පස්වරු 4 දක්වා යුද හමුදා රෝහලේදී මොඩර්නා එන්නත ලබාගත හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියගේ නම සටහන් කරමින් නිකුත් කර තිබුණු ලිපියේ සටහන් කර තිබුණි. ඊයේ මොඩර්නා එන්නත ලබාදී තිබුණේ කුමණ පදනමක් යටතේ ද යන්න එහි පැමිණ සිටි සිසුන් ප්‍රශ්න කිරීමත් සමඟ ගුවන් ගමන් බලපත්‍ර තිබූ දරුවන්ට එලෙස එන්නත ලබාදුන් බව යුද හමුදා නිලධාරියෙක් සඳහන් කර තිබේ. එම ලිපිය පහතින්... Gallery
 

More News..