brand logo

යුද හමුදා මේජර්වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් අත්අඩංගුවට

02 June 2019

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය එක්ව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි මුහම්මදු නිසාර් ඉම්රාන් නමැති මෙම සැකකරු යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රදේශවාසීන් මුලාකර විවිධ නම් වලින් පෙනී සිට අන්තවාදී ක්‍රියාවල නිරතව සිට ඇති බව සදහන්. මොහු සතුව තිබී ජංගම දුරකථනයක්, කැමරා, ඩ්‍රෝන යානාවක්, යුද හමුදාව භාවිත කරන ටීෂර්ට් 3 ක්, ලැප්ටොප් යන්ත්‍ර 2 ක් සහ කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
 

More News..