brand logo

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට සීතල යුද්ධයක්

16 December 2018

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල්වරුන් අතර සීතල යුද්ධයක් හට ගෙන ඇති බව යුද හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. සේවා දිගුවක් ලබා එම තනතුරේ කටයුතු කරන මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ කාලය දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය. කැඩෙට් පාඨමාලා අංක 19 යටතේ යුද හමුදාවට බැඳුණු මේජර් ජෙනරාල්වරුන් මෙම තනතුර ලබාගැනීමට කටයුතු කරමින් සිටියි. ජ්‍යෙෂ්ඨත්වය අනුව මේජර් ජෙනරාල්වරුන් වන අජිත් කාරියකරවන, රුක්මල් ඩයස්, සත්‍යප්‍රිය ලියනගේ, රුවන් කුලතුංග, දර්ශන හෙට්ටිආරච්චි සහ ශවේන්ද්‍ර සිල්වා යන අය පිළිවෙළින් සිටිති. ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින මේජර් ජෙනරාල්වරුන්ගේ නාම ලේඛනය අාරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට යුද හමුදාවේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යැවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
 

More News..