brand logo

යුද හමුදා නිල ඇදුම් තොගයක් වැල්ලවායේ කෑලෑ බද ප්‍රදේශයකින් සොයාගනී

10 June 2019

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ආනපල්ලම තේක්ක කැලේ ප්‍රදේශයේ තිබී යුද හමුදා නිල ඇදුම් තොගයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ගම්වාසීන් විසින් වැල්ලවාය පොලිසියට ලබා දුන් තොරතුරක් අනුව මෙම නිල ඇදුම් සොයාගෙන ඇති අතර එම නිල ඇදුම් අතර යුද හමුදා කම්බට් ඇදුම් තුනක්,නම්බර් සික්ස් ටෙලිකොට් ඇදුම් එකක්, නම්බර් සික්ස් රෙදි වලින් සැකසූ සායකට සමාන ඇදුම් එකක් සහ පූචස් එකක් තිබෙන බව පොලිසිය කියයි. ප්‍රදේශයේ තරුණයෙක් අලි ගම්වැදීම පිලිබඳ සොයා බැලීම සදහා අලි ගමන් ගත් මාර්ගයේ ගමන් කරමින් සිටින අතර මෙම ඇදුම් දැක පසුව් පොලිසියට සිදු කල දැනුම් දීමකින් මේවා සොයාගෙන තිබේ. නිල ඇදුම් තොගය වැඩි දුර විමර්ශන සදහා වැල්ලවාය පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි. ජයන්ත වීරසේකර
 

More News..