brand logo

යුද හමුදා නිලධාරීන් 38කට උසස්වීම්

18 May 2019

ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උසස්වීම් ලබාදී තිබේ. යුද හමුදාව සඳහන් කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාපතිතුමාගේ නිර්දේශය මත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු කර්නල් නිලයටත් නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල් නිලයට උසස් කර ඇති බවයි. නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනා පසුගිය මාර්තු මස 27 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇත. එමෙන්ම, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු පසුගිය මාර්තු මස 21 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය. උසස්වීම් ලද යුධ හමුදා නිලධාරීන්ගේ සම්පුර්ණ ලැයිස්තුව පහතින් වේ...
 

More News..