brand logo

යුද හමුදාවෙන් මුද්‍රණය වන පළමු රියැදුරු බලපත්‍රය අද යුද හමුදාපතිට

01 January 2021

යුද හමුදාව යටතේ ආරම්භ කළ රියැදුරු බලපත්‍ර මුද්‍රණ වැඩසටහන යටතේ මුද්‍රිත බලපත්‍රය (1 වැනිදා) යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කිරීමට නියමිතය. පෞද්ගලික සමාගමක් යටතේ මෙපමණ කාලයක් මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර (1 වැනිදා) මුද්‍රණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා​ යුද හමුදාව විසිනි. යුද හමුදාව මගින් මුද්‍රණය කරන ප්‍රථම රියැදුරු බලපත්‍රය යුද හමුදාපතිවරයාගේ වන අතර එතුමන්ගේ පැරණි රියැදුරු බලපත්‍රය කැඩී යාම හේතුවෙන් මෙලෙස නැවත මුද්‍රණය කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවසීය. ඒ අනුව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේදි (1වැනිදා) අද පස්වරු 3.00ට ප්‍රථම රියදුරු බලපත්‍රය මෝටර් රථ කොමසාරිස් ජනරාල් අතින් යුද හමුදාපතිවරයා වෙත බාරදීමට නියමිතය. එෆ්. අසල්ම්
 

More News..