brand logo

යුද හමුදාපති සහ බදියුදීන් අද විශේෂ කාරක සභාව හමුවට කැඳවයි

26 June 2019

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද 6 වන දිනටත් රැස්වීමට නියමිතව ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් අද (26) දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ඇති අතර එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, මීට අමතරව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා සහ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ද සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇත. මේ අතර කාරක සභාව හමුවට ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් වෙයි.
 

More News..