brand logo

යුද හමුදාපති උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක

13 April 2020

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උතුරු නාවික විධාන මූලස්ථනායේ නිල සංචාරයක ඊයේ (12) දින නිරත විය. උතුරු නාවික විධාන මූලස්ථනය වෙත පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නාවික සම්ප්‍රදානුකූලව උතුරු නාවික විධානය වෙත පිළිගන්නා ලදි. නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අතර, දැනට රටතුල පවතින කොවිඩ් 19 වසංගතය උතුරු පළාතට බලපා ඇති අකාරය පිළිබඳව සාකච්ඡා කරන අතර උතුරු නාවික විධාන‍ මෙහෙයුම් නිලධාරී විසින් කෙරෝනා වසංගතයට මුහුණදීම සඳහා උතුරු නාවික විධානය තුල ඇති සූදානම හා මෙම වසංගත තත්වය හේතුවෙන් රට තුලට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණිකයන් ඇතුළුවීම වැළැක්වීමට ගෙ ඇති පියවර සම්බන්ධයෙන් වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාධිපති දැනුවත් කිරීම සිදු කළේය.
 

More News..