brand logo

යුද අපරාධ සොයා නොබැලීම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කියනවා - සිවාජිලිංගම්

09 February 2019

උතුරේ අවසන් මෙහෙයුම සමයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයන බවට රජය එක්සත් ජාතීන්ට පොරොන්දු වුවත් වසර හතරක් ගතවීත් එය ඉටුවී නැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අරුණට පැවසීය. එහෙයින් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා එක්සත් ජාතීන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයට දැන්වීමට කටයුතු කරන බව ඔහු පැවසීය. ඒ අනුව පෙබරවාරි 25 වැනි දින සිට මාර්තු 22 වැනි දින දක්වා ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සැසිවාරයට තමා ඒ සම්බන්ධයෙන් දන්වන බවද සිවාජිලිංගම් කියයි. අවසන් සටනේදී සිදුවූවායැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් යුද අපරාධ අධිකරණයක නඩු පැවරීමටත් අවසන් දේශපාලන විසඳුමක් ලබාදෙන බවට 2015 ඔක්තෝබර් 01 වැනි දින පොරොන්දු වූ බැවින් ඒ අනුව වසර දෙකක් ඒ සඳහා කල් ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටි බව සිවාජිලිංගම් පැවසීය. යළි 2017 මාර්තු පැවැති එක්සත් ජාතීන්ගේ සැසිවාරයෙන් තවත් වසර දෙකක් කල් ඉල්ලීම නිසා 2019 මාර්තු මාසය දක්වා ඒ සඳහා කල් ලබා දී ඇත. එහෙත් වසර හතරක් ගතව ඇතත් පොරොන්දු වූ කරුණු ඉටු නොකිරීම නිසා ලබන මාර්තු 20 වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වෙන සැසියේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් මගින් ඒ සම්බන්ධයෙන් නඩු අසන ලෙසට ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..