brand logo

යුද්ධ හමුදා මූලස්ථානයේ නව ජනමාධ්‍ය අධ්‍යක්ෂ රාජකාරි අරඹයි

18 January 2021

යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ 19වන අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. ඒ මහතා අද (18) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. මීට ප්‍රථම බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා එම ධූරය හෙබවිය. නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 551 වන බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරී ඉටු කළේය.
 

More News..