brand logo

යුද්ධ හමුදාපති නල්ලූර් කෝවිලට - තේර් උත්සවයට විශේෂ ආරක්ෂාවක්

14 August 2019

යාපනය නල්ලූර් කෝවිලේ තේර් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද (14) උදෑසන නල්ලූර් කෝවිලේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේය. නල්ලූර් කෝවිලේ තේර් උත්සවය සදහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් එම නිසා උත්සවයට පැමිණෙන බැතිමතුන්ට කිසිදු බියකින් තොරව සිය ආගමික වතාවත් කර ගැනීමට අවස්ථාව සලසා ඇති බවද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.
 

More News..