brand logo

යුක්‍රේන සංචාරකයින් සීගිරියට ගිහින්

18 January 2021

    මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් 45 දෙනෙකු අද (18) දහවල් සීගිරියේ සංචාරයක නිරතවී තිබේ. සීගිරියට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම මුලින්ම ‍මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරි කෞතුකාගාරය, සීගිරි ජල උද්‍යානය සහ සීගිරි උද්‍යානය නැරඹීමට එක්වී තිබේ. එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් මහත් හරසරින් යුක්‍රේන ජාතික සංචාරකයින් පිළිගත් බවද පැවසෙනවා. මේ අනුව එම අවස්ථාවේ දේශීය සංචාරකයින්ට සීගිරි පව්ව තරණය කිරීමට අවසර ලබා දී තිබුනේ නැහැ. තවද පැමිණි යුක්‍රේන සංචාරකයින් වෙනුවෙන් පොලීසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව සපයා තිබුන බවද වාර්තා වනවා.
 

More News..