brand logo

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි රියදුරන් නිරෝධායනයට

03 January 2021

  මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමක් ඊයේ (02) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වී ඇති අතර ඊට යුක්‍රේන ජාතිකයින් 102ක් සහ ළමුන් 11 දෙනෙකු එක්ව තිබුණා. මොවුන් පිරිස ඉකුත් 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් පිරිසයි. සංචාරයේ දී යුක්‍රේන ජාතිකයින් කිසිවෙකු මුඛ ආවරණ පැළඳ නොසිට තිබෙනවා. මේ අනුව සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු ඊයේ රාත්‍රියේ දින 14ක නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබේ. අදහස් පලකළ සෆාරි ජීප් රථ රියදුරෙක්, "සෆාරි ගිහින් ආවට පස්සෙ තමයි යුද හමුදාවෙන් ඇවිත් අපිව අරන් යන්නෙ. අපි කිසිදෙයක් දන්නෙත් නෑ. දන්නවා නම් අපි එන්නෙත් නෑ. සුද්දෝ රට වටේම ඇවිදිනවා. අපිව කොටු කරනවා,"
 

More News..