brand logo

යුක්‍රේන සංචාරකයින් දළදා මාළිගාවට ගිහින් - හිමිනමකගෙන් දැඩි විරෝධය

11 January 2021

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද(11) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වී ඇත. සංචාරකයින් පිරිස දැඩි පරීක්ෂාවකින් අනතුරුව දළදා මාලිගාවේ සංචාරය සඳහා එක්ව ඇති බව පැවසේ. ඒ මෙන්ම පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් වෙනම ස්ථානයකින් ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණීමට පහසුකම් සලසා තිබූ බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය සඳහන් කර තිබේ. කෙසේ වෙතත් සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් සිය විරෝධය දක්වා ඇත. වැඩි දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමි, “මේ ලංකාවේ කට්ටිය එතකොට මේ කට්ටිය කිසිම නිරෝධායන ඇඳුමක් නැහැ. මේ වටේ ඉන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රෝගය හැඳුනොත් වගකියන්නේ කවුද ? දළඳා මාලිගාවට කැඳවන්නේ නැහැ කියලා කියපු වේලාවක් මේක. එතකොට මේ අය මල්වතු මහ විහාරයට, අස්ගිරි මහ විහාරයට සියල්ලටම බොරුකරලා මේ එක්කරන් යන්නේ. වාහනවල ඉන්න රියදුරන් ඉන්න විදිහ බලන්න. මේ අය කිව්වා ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා ඒත් කිසිම දෙයක් නැහැ.“
 

More News..