brand logo

යාපන සරසවියේ කිලිනොච්චි මණ්ඩපය වසා දමයි

14 July 2020

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපය ඊයේ (13) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එම මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව වාර්ථා වෙයි. මෙම මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇත. කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රතිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කර තිබේ.
 

More News..