brand logo

යාපනේ සිසුවියන්ට නානකාමාර හා වැසිකිලිවලට ගොස් නිරුවතින් වීඩියෝ කෝල් ගන්නැයි තර්ජනය කරලා

07 February 2020

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට පිරිමි සිසුන් පිරිසක් ලබාදුන් නවක වදය සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව යාපනය විශ්ව විද්‍යාල බළධාරීන් පවසයි. විශ්ව විද්‍යාලයේ සිසුවියන් පිරිසකට නාන කාමර හා වැසිකිළි වෙත ගොස් නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට පිරිමි සිසුන් පිරිසක් පවසා ඇති සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වි තිබිණ. සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය විනය කටයුතු සිදුකරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරියද විශ්ව විද්‍යාල පාලකයින් වෙත දැනුම් දී තිබිණ. කිලිනොච්චිය මණ්ඩපය වෙත පැමිණි නවක සිසුවියන් පිරිසක් වෙත නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබා නොගතහොත් නැවත විශ්ව විද්‍යාලය වෙත පැමිනීමේදී දැඩි දඩුවම් ලබාදෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කොට ඇති බව විශ්ව විද්‍යාල සිසුහූ පැවසූහ. (සිසුවියන්ට නවක වදය ලබාදුන්නා යැයි පැවසෙන සිසුන්ගේ ජායාරූප හා නාන කාමර වෙත ගොස් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට ඉල්ලීම් කළ පණිඩිඩවල ජායාරූප පහත දැක්වේ) වවුනියාව - මාධව කුලසූරිය.
 

More News..