brand logo

යාපනේ බිෂොප් හවුස් එක පිටුපස අධිබල පුපුරණ ද්‍රව්‍ය

15 October 2020

යාපනය නගරයේ අගරදගුරු නිවස පිටුපස තල් ගසක් යට තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමග ඩෙටනේටර් තොගයක් පෙරේදා (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. එහිදී පාර්සලයක ඔතා සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 10 ක් තිබී පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් සොයා ගෙන තිබේ. මෙය යුධ සමයේ LTTE සාමාජිකයන් විසින් වල දැමුවැයි සැක කරන බව පනය පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.
 

More News..