brand logo

යාපනේ තර්ශන් සහ කිලිනොච්චියේ ලොස්ලියා දෙමළ සිනමාවේ පෙම්වතුන් වෙයි

10 February 2021

හදවතේ කතාවේ නිමේෂ් කියන චරිතය බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. තරුණියන් වැඩි වශයෙන් ආදරය කරන නිමේෂ් නළුවෙක් වෙන්නේ අහම්බෙන්. ඡායාරූප ශිල්පියා, හදවතේ කතාවේ නළුවා වුණ හැටි අපි අහලා බැලුවා... ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ගෙන් පවා විශාල ප්‍රතිචාරයක් ලැබුණු, ආස්වාදනීය, මලයාලම් සිනමාපටයක් තමයි 2019 වර්ෂයේදී තිරගත වුණු ඇන්ඩ්‍රෝයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25 (Android Kunjappan - Version 5.25) කියන්නේ. මේ චිත්‍රපටයේ දෙමළ අනුවාදය ලබන වසරේදී ප්‍රේක්ෂකයා අතරට මුදාහරින්නට කොලිවුඩ් සිනමාව සූදානමින් ඉන්නවා. ඒ 'ගූගල් කුට්ටප්පන්' (Google Kuttappan) නමින්. මේ නවතම සිනමා සිත්තමේ ප්‍රධාන නළු නිළි දෙපළ ලෙස රංගනයෙන් දායක වෙන්නේ ශ්‍රී ලාංකේය කඩවසම් තරුණයෙකු සහ රූමත් තරුණියක. ඒ යාපනය ප්‍රදේශයේ වෙසෙන තර්ශන් ත්‍යාගරාජා සහ කිලිනොච්චියේ ලොස්ලියා මරියනේෂන්. මලයාලම් සිනමාවෙන් අපි බොහෝවිට දකින ප්‍රේමණීය කතා වෘත්තාන්තයන්ට වඩා වෙනස් කතාවකින් කුන්ජප්පන් නමැති රොබෝ යන්ත්‍රයක් සහ මහලු පුද්ගලයෙකු අතර සිදුවන සුන්දර ගනුදෙනුවක් පිළිබඳ කතාවක් තමයි ඇන්ඩ්‍රෝයිඩ් කුන්ජප්පන් කියන්නේ. වර්තමානය වනවිට මලයාලම් සිනමාවට නැතුවම බැරි නළුවන් කිහිපදෙනෙක් වන සූරජ් වෙන්ජෙරාමූදු, සූබින් ශහීර් සහ සයිජු කුරුප් මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන නළු නිළි දෙපළ ලෙස රංගනයෙන් දායක වන ලොසියා සහ තර්ශන්ටනම් කොලිවුඩ් සිනමාව කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි. අපිට හුරුපුරුදු නළු නිළි දෙපළක් නොවුණත් මොවුන් දෙදෙනාම වර්තමානය වනවිට ඉන්දීය සිනමා කර්මාන්තය තුළ යම්තාක් දුරකට පැමිණ ඇති දෙපළක්. 1990 වසරේ සැප්තැම්බර් 17 වැනිදා යාපනයේදී උපත ලද තර්ශන් ත්‍යාගරාජා කියන්නේ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයෙන් (APIIT) මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස අධ්‍යාපනය හැදෑරූ අයෙක්. කෙටිකලකදී එංගලන්තයේ වර්චුසා ආයතනයේ ඉහළ ශ්‍රේණියේ රැකියාවක් හිමිවෙන්නේ ඔහුගේ ඇති සුවිශේෂී දක්ෂතා හේතුවෙන්. එහි පස් වසරක සේවයකින් අනතුරුව උසස්වීමක් ලැබී තිබියදී වුවත් රැකියාව හැරදා ඔහු යළිත් ලංකාවට පැමිණෙන්නේ කුඩා කල සිටම සිහිනයක් වූ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමේ බලාපොරොත්තුවෙන්. එලෙසින් ඔහුට 2014 වසරේදී Mr. Sri Lanka for Mr. International කියන නිරූපණ තරගාවලියේ ජය කිරුළ හිමිකර ගැනීමත් සමග ඒ සිහිනයට මාර්ගය විවෘත වෙනවා. තර්ශන්ගේ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ කෙසේ හෝ ඉන්දියානු සිනමාවට සම්බන්ධ වීම. ඉන්දියාවේදී ද විවිධ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි තර්ශන්ට 2018 වර්ෂයේදී ශිව භාරති කුමරන් විසින් අධ්‍යක්ෂණය කළ 'වරෙන්නා වෙන්ඩුම්' නමැති දමිළ චිත්‍රපටයේ සතුරාගේ චරිතයට පණ පෙවීමට අවස්ථාව හිමිවෙනවා. තර්ශන්ගේ වාසනාවන්ත පෙනුමට තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණද අවාසනාවට ඒවා අතරමග නතර වෙනවා. ඔහුගේ පළමු සිනමා නිර්මාණය වූ වරෙන්නා වෙන්ඩුම් චිත්‍රපටයද තවමත් තිරගත වී නෑ. කෙසේ හෝ තමන්ගේ අනන්‍යතාව නිරූපණ ක්ෂේත්‍රය තුළ රඳා පවත්වාගැනීමට දක්ෂ වූ තර්ශන්ට සහ ලොස්ලියාට 2019 වසරේදී ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වූ ප්‍රවීණ ඉන්දීය නළු කමල් හසන් විසින් මෙහෙයවන ලද Big Boss තෙවැනි වටයට සහභාගී වීමට හැකියාව ලැබෙනවා. ජීවිතයේ ලැබූ නවමු හැරවුම් ලක්ෂයක් ලෙස එම වැඩසටහන මගින් ඔවුන්ට ඉන්දියාව තුළ ඔවුන්ගේම රසික පිරිසක් බිහි වෙනවා. 1995 වසරේ මාර්තු 24 වැනිදා කිලිනොච්චියේදී උපත ලද ක්‍රිස්තියානු ජාතික ඇය ලොස්ලියා මරියනේසන්. ත්‍රිකුණාමලය මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදෑරූ පේරාදෙණිය සරසවියේ ආදී ශිෂ්‍යාවක්. 2012 වසරේදී ඇය ශක්ති රූපවාහිනී නාළිකාවට බැඳෙන්නේ පුවත් නිවේදිකාවක ලෙසයි. ඉන්පසු නිරූපණය හැදෑරීම සඳහා ඉන්දියාවට යන ලොස්ලියාට ඇයගේ මිතුරියන්ගේ මාර්ගයෙන් තර්ශාන්ට මෙන්ම Big Bossහි තෙවැනි වටයට සහභාගී වීමට හැකියාව ලැබෙන්නේ ඉන්දියානු සිනමාවේ නව මාවතක් විවර කරදෙමින්. එම තරගාවලියේදී ඇය ගායනා කළ ispade rajavum idhaya raniyum චිතපටයේ ජනප්‍රිය ගීතයක් වන කන්නම්මා ගීතයෙන් ලොස්ලියා ඉන්දියාව තුළ විශාල ආකර්ෂණයක් දිනාගත් තරුණියක් බවට පත්වෙනවා. කෙසේ වෙතත් ඇයට Big Bossහි ලැබූ ජනප්‍රියතාවය හේතුවෙන් විවිධ නිර්මාණයන් සඳහා ආරාධනා ලැබෙනවා. ඒ අනුව ලොස්ලියා හට ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ නළුවකු වන අර්ජුන් ශර්ධා සමග Friends නමැති චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට දායක වීමට වාසනාව හිමි වන්නේ එය ඇයගේ ප්‍රථම චිත්‍රපටය බවට පත්කරමිනුයි. නමුත් තර්ශන්ගේ චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයත් මෙම වසරේ තිරගත කිරීමට නියමිතව තිබුණත් තවමත් නිසි දිනයක් ප්‍රකාශයට පත්කර නෑ. එරංදි කෞශල්‍යා
 

More News..