යාපනේ ගමක් තහනම් කරයි
08 October 2020
යාපනේ ගමක් තහනම් කරයි
08 October 2020
යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්ථා වීමත් සමග එම ගම්මානයට ඇතුල් වීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
පුංගුඩුතිව් ගම්මානයේ පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටව යාමටත් පිටස්තර සිට පැමිණෙන අයෙකුට ගම්මානයේ පදිංචි නම් පමණක් ඇතුල්විය හැකි අයුරින් සීමා පැනවීමට කටයුතු යොදා ඇත.
පුංගුඩුතිව් ප්‍රදේශයෙන් වාර්ථාවූ කොරෝනා ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ ඇඟලුම් ශාලාවේ සිට WPND 6503 නැමති බස් රථයෙන් යාපනයට ගොස් ඇති අතර යාපනයේ සිට පුංගුඩුතිව් සිය නිවස දක්වා NPND 8790 නැමති බස් රථවල ගමන් කොට ඇත.
එම බස් රථ වල ගමන්ගත් මගීන් ලඟම පිහිටි පොලීසියට හෝ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසට දැනුවත් කොට ඇත.
කොරෝනා ආසාදිත කාන්තාව ගමන්ගත් බස් රථවල සිටි මගින් යාපනය , නාගදීපය, පුංගුඩුතිව් ආදි ප්‍රදේශයන්හි සියයකට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කොට ඇත.