brand logo

යාපනය වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුමේ නිරතවන යුධ හමුදා නිළධාරීන්

04 December 2019

දිවයින වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ යාපනය අර්ධද්වීපය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා නිළධාරීන් විසින් දියත් කොට තිබිණ. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ මෙහෙයවීම යටතේ යාපනය ප්‍රදේශයේ වෙරළ තීරයන් පිරිසිදු කිරීම එහිදි සිදුකෙරිණ. යාපනය යුධ හමුදා නිළධාරීන්,යාපනය ගුරුනගර් ධීවර සමිති සාමාජිකයින් හා ස්වෙච්ජා සංවිධාන සංවිධාන එක්ව යාපනය ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කිරීම ඊයේ (03) සිදුකෙරිණ. වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා,යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන උසස් නිළධාරීන්, යාපනය නාවික හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..