brand logo

යාපනය වෙරළබඩ ප්‍රදේශයන්ගේ මුහුදු ජලය මුහුදට ඇද ගනී

16 November 2018

ගජ සුළි කුණාටුවේ බලපෑම මත යාපනය වෙරළබඩ ප්‍රදේශයන්ගේ මුහුදු ජලය අද(16) උදැසන මුහුදට ඇදී ගොස් ඇති බව යාපනය ජනතාව පවසති. යාපනය කයිට්ස් හා ඩෙල්ෆ් දූපත් ආදි ප්‍රදේශයන්ගේ වෙරළබඩ සීමාවන්ගේ ජලය වෙරළ සීමාවේ සිට මීටර කිහිපයක් මුහුදට ඇදී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන්ගෙන් විමසීමේදී පැවසුවේ එවැනි ආරංචියක් පවතින අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි. යාපනය ප්‍රදේශයේට බලපෑ ගජ සුළි කුණාටුව හේතුවෙන් යාපනය ප්‍රදේ‍ශයේ වගාවන් හා තාවකාලික නිවාස වෙත බලපෑම් එල්ල වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසීය. දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසූවේ ප්‍රදේශයේ ධිවර ජනතාවට මුහුදු යාමෙන් වළකින ලෙසට ලබාදුන් නියෝගය තවදුරටත් වලංගු වන බවයි.
 

More News..