brand logo

යාපනය විශ්ව විද්‍යාල සිසුන්ට සීමා පනවයි

27 November 2019

යාපනය විශ්ව විද්‍යාල සිසුන් වෙත විශ්ව විද්‍යාල සීමාව තුළ 27 වන දින හා 28 වන දින කිසිදු ක්‍රියාකාරකමක් සිදුනොකරන ලෙසට විශ්ව විද්‍යාල පාලක සභාව ඊයේ(26) සවස දැනුම් දි ඇති බව යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පවසයි. යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ විශ්ව විද්‍යාල පාලක සභාවේ අනුමැතියකින් තොරව කිසිදු ක්‍රියාකාරකමක් නොකරන ලෙසට විශ්ව විද්‍යාල පාලක සභාව විශ්ව විද්‍යාල සිසුන් වෙත දැනුම් දී ඇති බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූහ. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් මහවිරු සැමරුම් වැඩසටහනක් අද(27) විශ්ව විද්‍යාල භූමියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබු බැවින් අදාළ ක්‍රියාව නවතා දැමීම වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුන් වෙත දින දෙකක කාලයක් තුළ විශ්ව විද්‍යාලයේ කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙසට පාලක සභාව දැනුම් දී ඇති බවයි. යාපනය විශ්ව විද්‍යාල සිසුන් එල් ටි ටි සංවිධානයේ හිටපු නායකයාගේ උපන්දිනය යෙදී නොවැම්බර් 26 වැනිදා කේක් කපා ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමටද කටයුතු කොට තිබු බවද යාපනය ආරක්ෂක අංශ පැවසීය. යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පැවසුවේ විශ්ව විද්‍යාල සිසුන් පාලක සභාවේ නිවේදනය සම්බන්ධයෙන් අවධානය යොමුනොකර යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරීම සිදුකරනු ඇති බවයි. සෑම වසරකම යාපනය විශ්ව විද්‍යාල සිසුන් නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීම සිදුකරති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..