brand logo

යාපනය විශ්ව විද්‍යාල උපකුලපති ඉවත් කරයි

07 May 2019

යාපනය විශ්ව විද්‍යාල උප කුලපති රත්නම් විග්නේශ්වරන් මහතා අදාළ ධූරයෙන් ඉවත් කොට ඇති බවට ඊයේ(06) ලිපියක් ලැබි ඇති බව විශ්ව විද්‍යාල පාලක සභාව පවසයි. විශ්ව විද්‍යාල පාලක සභාව පැවසූවේ විග්නේශ්වරන් මහතා වෙත සිය ධුරයෙන් ඉවත්වන ලෙසට ලිපියක් ලැබී ඇතත්,නව උපකුලපති ලෙස පත්වන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දැනුවත් කොට නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල උපකුලපති විග්නේශ්වරන් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කළ නොහැකි බවයි. යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අතිරේක ලේකම් මඟින් ලිපියක් ලැබී ඇති බවද විශ්ව විද්‍යාල පාලක සභාව පැවසූහ. යාපනය විශ්ව විද්‍යාල භූමියේ තිබි එල් ටි ටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හා ඇන්ටන් බාලසිංහම්ගේ ජායරූප ළඟ තබාගෙන සිටි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපතිවරයා හා ලේකම්වරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..