brand logo

යාපනය රෝහලේ සිව්වන මහලෙන් වැටි කාන්තාවක් මරුට

31 August 2020

යාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සව්වන මහලෙන් බිමට වැටීමෙන් කාන්තාවක් ඊයේ (30) මියගිය බව පොලීසිය පවසනවා. අදාල කාන්තාව එම රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වන සේවිකාවක්. ඇය 17 වාට්ටුවේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව ඇත. මියගිය කාන්තාව කවරකු විසින් හෝ තල්ලුකර වැටුනේද නොයෙසේනම් තමන් විසින් පැන සියදිවි හානිකර ගත්තේද එසේත් නැතිනම් අත් වැරද්දක් නිසා වැටුනේද යන්න සෙවීමට යාපනය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙසේ සිව්වන මහලෙන් වැටී මියගොස් ඇත්තේ යාපනය පලෙයි ප්‍රදේශයේ පදිංචි 40 වයසැති කාන්තාවක් .
 

More News..