brand logo

යාපනය යුධ හමුදාව සිවිල් වැසියන් වෙනුවෙන් ඉදිකළ 700 වන නිවසත් පරිත්‍යාග කරයි

17 December 2019

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉදිකොට සිවිල් වැසියන් වෙනුවෙන් පරිත්‍යාග කළ 700 වන නිවාසය ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) සිදුකෙරිණ. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය 2009 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ යාපනය සිවිල් වැසියන් වෙනුවෙන් නිවාස 700 ක් ඉදිකොට තිබු අතර,යාපනය ආරක්ෂක සේනා නිළධාරීන් විසින් ඉදිකළ 700 වන නිවස අද(17) දිනයේ පරිත්‍යාග කරනු ලැබිණ. යාපනය ආරක්ෂක ‍සේනා ආඥාපති ‍මේජර් ජෙනරල්රුවන් වනිගසූරිය මහතාගේ සම්බන්ධීකරණය යටතේ කුමාර් වීරසූරිය මහතාගේ දන පරිත්‍යාගය යටතේ යාපනය පේදුරුතුඩුව හා කරවෙඩ්ඩි ප්‍රදේශයන්ගේ ඉදිකළ නිවාස දෙකක් අඩු අදායම්ලාභී පවුල් දෙකක් වෙත පරිත්‍යාග කිරීමත් සමඟ මේ දක්වා කාලය තුළ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නිවාස 700 ක් ලබාදී ඇති බැව් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පැවසීය. යාපනය ආරක්ෂක සේනා 55 සේනාංකයට අයත්,551 බලසේනාවේ සම්බන්ධීකරණයෙන් යුධ හමුදා හතරවන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව හා 16 වන ශ්‍රී ලංකා ස්වෙච්ජා පාබල හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ නව නිවාස දෙක ඉදිකොට තිබිණ. වැඩසටහන් අවස්ථාවට දානපති කුමාර් වීරසූරිය මහතා,යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා, යාපනය ඉන්දියානු නියෝජ්‍ය ‍මහකොමසාරිස්වරයා,යාපනය ආරක්ෂක සේනා 51,52 හා 55 සේනාංකාධිපතිවරුන්, යාපනය ආරක්ෂක‍ සේනා උසස් නිළධාරීන්,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..