brand logo

යාපනය බන්ධනාගාර කොවිඩ් පොකුරේ රැඳවියන් 52ක්

28 February 2021

    යාපනය බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත රැඳවියන් 52 දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි යාපනය පොලීසිය සඳහන් කරනවා. එම බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකුට යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කළ අතර යාපනය විශ්ව විද්‍යාලයේ රසායනාගරයේ දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා වලට අනුව රැඳවියන් 52 දෙදෙනෙකුම ආසාදිත බව හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් ආසාදිත රැඳවියන් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනා ගනිමින් ඔවුන් ද නිරෝධායනය කර පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ.
 

More News..