brand logo

යාපනය පොලිසියේ නිලධාරීන් 38කට කොවිඩ්

04 May 2021

යාපනය පොලිස් ස්ථානයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසයි. ඒ අනුව අප්‍රේල් 12 වනදා සිට අද (04) දිනය මේ දක්වා යාපනය පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. පළමුව නිලධාරීන් 09 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීමත් සමග යාපනය පොලිසියේ අදාල නිලධාරීන්ගේ සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදී. ඒ අනුව වරින් වර ලබාගත් පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවන්ට අනුව ආසාදිතයින් හඳුනාගෙන ප්‍රතිකාර සහ නිරෝධායනයට යොමු කොට ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.
 

More News..