brand logo

යාපනය පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට - තවත් දෙදෙනෙකුට තුවාල

02 June 2019

යාපනය, පලාලි, වාසවිලාන් ප්‍රදේශයේදී අද(01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යුධ හමුදා සාමාජිකයින් ගමන්ගත් ට්‍රැක්ටර රථයක් අදාළ පිපිරීමට හසුව ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බව ආරක්ෂක අංශ පැවසූහ. යාපනය ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසූවේ අදාළ පිපිරීම සම්බන්ධයෙන් සොයා යාපනය පලාලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..