brand logo

යාපනය අධිකරණය රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගිනිතබා විනාශ කරයි

24 November 2019

යාපනය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් මහතාගේ නියෝග යටතේ යාපනය මහාධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් පැවති රුපියල් කෝටි ගණනාවක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ(23) ගිනි තබා විනාශ කරනු ලැබිණ. පසුගිය 2017 වසරේ සිට අධිකරණය වෙත ඉදිරිපත්ව තිබු කේරළ ගංජා හා හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් එලෙස ගිනිතබා විනාශ කරනු ලැබීය. රුපියල් කෝටි දහයක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් හා රුපියල් කෝටි අටක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් තොගයක් ‍එලෙස ගිනිතබා විනාශ කොට තිබිණ. පසුගිය වසර තුනක කාලය තුළ යාපනය අධිකරණ සංකීර්ණයේ නඩු භාණ්ඩ ලෙස පැවති කේරළ ගංජා කිලෝග්රැම් 2500 ක් හා හෙරෝයින් කිලෝග්රැම් අටයි ග්රැම් 128 ක් එලෙස විනාශ කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පැවසීය. ඉන්දීයාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදා හැරීමට සුදානම් කොට තිබු මත්ද්‍රව්‍ය තොගයක් එලෙස විනාශ කොට ඇති බවද යාපනය ආරක්සඛ අංශ පවසති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..