brand logo

යාපනයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

09 December 2020

  යාපනය, නුනාවිල් ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ කුඩා දරුවකු ජිවිතක්ෂයට පත්ව තිබේ. අනතුර අද (09) දහවල් සිදුවී ඇති අතර චාවකච්චේරි පොලිසිය පැවසුවේ මෝටර් රථයක් මාර්ගය අසළ නවතා තිබු බවුසරයක ගැටීමෙන් එය සිදුවී ඇති බවයි. අනතුරෙන් මියගොස් ඇත්තේ 30හැවිරිදි මවක් සහ 5හැවිරිදි පිරිමි දරුවෙක්. මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල වෙත යොමුකර ඇති අතර තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මෝටර් රථයේ ටයරයක් පිපිරී යාම නිසා අනතුර සිදුවී ඇති බව පැවසෙනවා.
 

More News..