brand logo

යාපනයේ වාහන‍ දෙකක් ගිනි ගෙන විනාශ වෙයි

12 September 2019

යාපනය,පේදුරුතුඩුව ප්‍රදේ‍ශයේ මාර්ගයක් අසළ නවතා තිබු වාහන දෙකක් ඊයේ(11) සවස ගිනිගෙන විනාශ වි ඇති බවපේදුරුතුඩුව ආරක්ෂක අංශ පවසයි. ආරක්ෂක අංශ පැවසුවේ මාර්ගය අසළ නවතා තිබු වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එලෙස හදිසියේ ගිනගෙන විනාශ වි ඇති බවයි. විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බව පොලිසිය සැක පළ කරන අතර, ගින්නට හසුවීමෙන් වාහන දෙකම සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති බවද ආරක්ෂක අංශ පැවසීය. පේදුරුතුඩුව ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසුවේ ප්‍රදේශවාසීන් ගින්න නිවා දැමීමට උත්සහ කොට ඇතත්,ගින්න ශිඝ්‍රයෙන් පැතිර‍ගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..