brand logo

යාපනයේදී වෛද්‍ය සිසුවියක් ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්

23 January 2020

යාපනය,වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද වෛද්‍ය සිසුවියක් වු බදනාගොඩ ජනපදය,බේරුවල පදිංචි හපුහෙට්ටිගේ දොන් රෝෂනි කාංචනා නමැති 29 හැවිරිදි සිසුවිය ඝාතනය කළ සැකකරු එළැඹෙන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස්.පීටර් පෝල් මහතා අද(23) නියෝග කළේය. සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ(22) අත්අඩංගුවට ගත් යාපනය පරන්තන් ප්‍ර දේශයේ යුධ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කළ බේරුවල ප්‍ර දේශයේ ස්ථිර පදිංචි මද්දුමගේ දොන් එරංග දිලිප් කුමාර නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට අද(23) ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණ. මියගිය තරුණිය හා සිද්ධියට සම්බන්ධ සැකකරු යාපනය,පන්නෙයි ව්‍යායාම මංතීරුව ප්‍ර දේශයේදී කථා බහ කරමින් සිටීමෙන් අනතුරුව සැකකරු ඊයේ(22) දහවල් වෛද්‍ය සිසුවියගේ ගෙල කපා දමා තිබිණ. මියගිය සිසුවිය යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවියක් වන බවද ආරක්ෂක අංශ පැවසූහ. සැකකරු මියගිය වෛද්‍ය සිසුවියගේ ස්වාමිපුරුෂයා වන බවට තොරතුරු අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..