brand logo

යාපනයෙන් බිම් බෝම්බයක් සොයාගනියි

03 December 2019

යාපනය,සෝමසුන්දර ඇවිනිව්,දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ කසළ ගොඩක් ආසන්නයේ තිබි බිම් බෝම්බයක් අද(03) සොයාගත් බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත කසළ ගොඩ ආසන්නයේ තිබි අදාළ බිම් බෝම්බය සොයාගත් බවයි. අදාළ ස්ථානයේ තවත් බිම් බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය පවතින්නේද යන්න සොයා බෝම්බ නිශ්ක්‍රීය අංශය යොදා පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..