brand logo

යාපනයෙන් කොටි බෝම්බ සොයා ගැනෙයි

25 April 2021

    ගෙවත්තක වළදමා තිබූ හඳුනා නොගත් බෝම්බ ඇතුලු බිම් බෝම්බ තොගයක් යාපනය වැල්වැටිතුරෙයි පොලිකණ්ඩි ප්‍රදේශයේ දී අද (25) සොයාගත් බව පොලිසිය සඳහන් කර තිබේ. ප්ලාස්ටික් බැරලයක බහා වලදමා තිබියදී යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යුදහමුදා සෙබලුන් විසින් මෙම බෝම්බ තොගය සොයාගනු ලබා ඇත. හඳුනානොගත් බෝම්බ 05 ක් තිබී සොයාගෙන ඇති අතර එම බෝම්බ ටෝපිඩෝ වර්ගයට අයත් බෝම්බ බවට ආරක්ෂක අංශ සැකපල කරයි. එසේම බැරලය තුල තිබී තවත් බිම්බෝම්බ 16 ක් තිබී සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් අදාල ස්ථානයේ වලදමා ඇති බවට සැක පල කෙරෙයි. බෝම්බ අබලන් තත්වයේ පසුවන අතර හඳුනානොගත් බෝම්බ අද (25) දින හඳුනාගැනීමෙන් පසුව අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

More News..