brand logo

යහපාලන රජය දෙමළ ජනතාව විනාශයට යොමුකළා - ආනන්දි සෂිදරන්

21 August 2019

දෙමළ ජනතාවගේ බලයට පත්වු යහපාලන රජය දෙමළ ජනතාව විනාශ කිරීමට යොමුකළ බව උතුරු පළාත් හිටපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය පවසයි. යුධ හමුදාපතිධූරය වෙනුවෙන් මේජර් ජෙනරල් ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම හා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විමසීමේදී සෂිදරන් මහත්මිය එලෙස සඳහන් ක‍ළාය. සෂිදරන් මහත්මිය වැඩිදුරටත් පැවසූවේ යුධ අපරාධ චෝදනා එල්ලවි තිබෙන ශවේන්ද්‍ර සිල්වා වැනි පුද්ගලයෙකු යුධ හමුදාපති ලෙස පත් කිරීමට යහපාලන රජය කටයුතු කිරීම දෙමළ ජනතාවට සිදුකළ නිගාවක් වන අතර, එවැනි පුද්ගලයෙකු පත් කිරීමට විරුද්ධව දෙමළ ජනතාව රජය කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවන බවයි. එලෙසම එවැනි චෝදනාවන්ට ලක්වු ගොඨාභය රාජපක්ෂ මහතා වැනි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂයෙකු ලෙස පත්වීමද දෙමළ ජනතාවට මුහුණදීමට සිදුවන දැඩි ගැටළුවක් වනු ඇති බව හිටපු පළාත් අමාත්‍යවරිය පැවසුවාය. දෙමළ ජනතාව දෙමළ ජනතාවගේ ගැටළු විසදා ගැනීම වෙනුවෙන් යහපාලන රජය බිහි කළ නමුත් වර්තමානයේදී දෙමළ ජනතාවගේ ගැටළු විසදීම කෙසේ වෙතත් දෙමළ ජනතාව විනාශයට යොමු කිරීමට යහපාලන පාලකයින් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළාය. හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා හිටපු උතුරු නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් දෙමළ ජනතාව විරුද්ධ කණ්ඩායම සමඟ එක්වීම කණගාටුදායක බව උතුරු පළාත් හිටපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය පවසයි. සෂිදරන් මහත්මිය පැවසුවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී නොසිටින ගොඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සහයෝගය ලබාදීමට ඩග්ලස් දේවානන්ද හා වර්ධරාජා පෙරුමාල් එක්වීම දෙමළ ජනතාවට සිදුකළ ද්‍රෝහිකමක් බවයි. ආනන්දි සෂිදරන් මහත්මිය වවුනියාව හා කිලිනොච්චිය දිසාවන් භාරව කටයුතු කළ එල් ටි ටි සංවිධාන සන්නද්ධ නායකයෙකු වු එලීලන්ගේ බිරිද වන අතර, අවසන් යුධ සමයේ තම ස්වාමිපුරුෂයා සාක්ෂි සහිතව යුධ හමුදාවට භාරදීමෙන් අනතුරුව අතුරුදහන්ව ඇති බවට ‍ආරක්ෂක අංශ වෙත ‍චෝදනා කරනු ලැබීය. තම ස්වාමියා අවසන් යුධ සමයේ අතුරුදහන්වු බවත් ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ වගකිව යුතු බවත් සඳහන් කරමින් සෂිදරන් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ආරක්ෂක අංශ වොත චෝදනා එල්ල කළාය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..