brand logo

යහපාලන ඇමැති පියා දුව ගැන හිතා එක අතහැර දෙකට කිට්ටු වෙයි

10 March 2020

යහපාලන ආණ්ඩුව සමයේ උපදේශකයන් තබා ගැනීම ගැන කුප්‍රසිද්ධ මේ ඇමැතිවරයා පසුගිය පාර්ලිමේන්තුවේදී ඉහළ තනතුරක් දැරූ අයෙකි. පසුගිය සිකුරාදා (06 වැනිදා) තෙක් පක්ෂ නායකයා සමග සිටි ඔහු දැන් නියොජ්‍ය නායකයාට ආවඩන්නට පටන් ගෙන තිබේ. ඊට හේතුව ඇත්තේ තමන්ට ජාතික ලැයිස්තුවත් තම දියණියට අපේක්ෂත්වයත් දෙන ලෙස කළ ඉල්ලීමකට පක්ෂ නායකයා එකඟ නොවීමය. ඔහු අංශක 180කින් කරකැවී නියෝජ්‍ය නායකයා ළඟට ගියේය. සාකච්ඡා පැවැත්විණ. දියණියට කන්දඋඩරටින් තරග කරන්න අවස්ථාවත් ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්ද ලැබෙන බවට පොරොන්දුවක් ලැබිණ. සතුටින් පිනා ගිය දේශපාලනඥයා මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට පියවර ගත්තේය. පසුගිය ඉරිදා (08 වැනිදා) තවත් මාධ්‍ය හමුවකි. පිටුපස බැනරය සමගි ජනබලවේගය නම් විය.
 

More News..