brand logo

යහපාලන ආණ්ඩුව සමයේ රනිල් උඩින් ගිය ලක්ෂ දහඅටක් ගෙවලා නැහැ

29 February 2020

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වේ.

ජාතික ප්‍රතිපත්තිආර්ථික කටයුතුනැවත පදිංචිකිරීමේ හා පුනරුත්ථාපනඋතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය භාවිත කළ ගුවන් යානා සඳහා රුපියල් දහතුන් ලක්ෂ දාහතරදහස් එකසිය හැටහයක (1,314,166) මුදලක් ගෙවීමට ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය භාවිත කළ ගුවන් යානා සඳහා පන්ලක්ෂ හතළිස් එක්දහස් හත්සිය හැත්තෑඅටක මුදලක් ගෙවීමට තිබේ.

චමින්ද සේනාරත්න

 

More News..