brand logo

යහපාලනය නාමයෙන් සතොසේ කෝටි 400 ක වංචාවක් - ජනාධිපති කොමිසම විමර්ශන අරඹයි

30 March 2019

ලංකා සතොස ආයතනයේ ගෙවුණු වසර හතරක කාලයේදී සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි 410 කට අධික මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත. ලංකා සතොස ආයතනයේ ප්‍රගතිශීලී සේවක සංගමය සිදුකර අැති පැමිණිල්ලේ චෝදනා එල්ල වී ඇත්තේ සතොස ආයතනයන්ට අයත් කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශ ඇමැති රිෂාඩ් බදුර්දීන්ටය. ලංකා සතොස ආයතනයට පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් Liverpool Navigation යන ආයතනයට එම ටෙන්ඩරය ලබා දීමෙන් රුපියල් මිලියන 350 ක අලාභයක් සිදුව ඇති බව එම සංගමය පෙන්වා දී ඇත. එම ආයතනයටම ආරක්ෂිත කැමරා පද්ධතියක් (CCTV) ස්ථාපිත කිරීමට ලබාදීමෙන් රුපියල් මිලියන 150 ක වංචාවක් සිදුව ඇතැයිද වාර්තා වේ. කිලෝවොට් 20 ක ජෙනරේටර් මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 40 ක අලාභයක් සිදුව ඇති බව සඳහන් වේ. සතොස ආයතනයට නාඩු සහල් මෙට්‍රික්ටොන් තිස්දහසක් ආනයනයෙන් රුපියල් මිලියන 600 ක්ද, ආනයනික සහල් මෙට්‍රික්ටොන් 90,000 න් කිලෝ ග්‍රෑමයක් රුපියල් 30 බැගින් අලෙවි කිරීමෙන් රුපියල් මිලියන දෙදහස් හත්සීයක (2700) අලාභයක්ද සිදුව ඇති බව එම පැමිණිලේ සඳහන් වේ. ' ඊට අමතරව ආනයනික සහල් වරායෙන් නිෂ්කාශනය කිරීමට Liverpool Navigation ආයතනය තැබිය යුතු වූ රුපියල් මිලියන 276 ක තැන්පතුවක් එම ආයතනය මගින් තැන්පත් කර නොමැති බව එහි සඳහන් වේ. චමින්ද සේනාරත්න
 

More News..