brand logo

යහපාලනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 11ක් ආනයනය කරලා

08 May 2021

යහපාලන රජය පැවති 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ සෑම වසරකම සහල් මෙට්‍රික් ටොන් විසි දහසේ සිට ලක්ෂ හය දක්වා අතර ප්‍රමාණයක් ආනයනය කර තිබේ. එහෙත් පසුගිය 2020 වසරේදී සහල් ආනයනය කර නොමැති බවද වාර්තා වේ. ඒ අනුව එම වර්ෂ පහක කාලයේදී පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ එකොළහක් ආනයනය කර ඇති අතර ඉන් වැඩිම සහල් ප්‍රමාණයක් වන මෙට්‍රික් ටොන් හය ලක්ෂ හැට නවදස් තුන්සිය විසි දෙකක් (669,322) 2017 වසරේදී ආනයනය කර තිබේ. 2015 හා 2018දී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක ඉක්මවා ආනයනය කර ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 774 ඉක්මවා තිබේ. චමින්ද සේනාරත්න
 

More News..