brand logo

යහපාලනයට අවුරුදු තුනයි - ඩොලරයේ අගය රුපියල් 27 කින් ඉහළට

17 August 2018

‘යහපාලන ආණ්ඩුව’ බලයට පත් වී වසර 3 ක් සපිරෙන අද ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 27 ක් දක්වා ඉහළ නැඟ ඇත. දැනට රුපියල් 161 දක්වා ඉහළ ගොස් ඇති ඇමරිකානු ඩොලරයේ අගය 2015 වන විට රුපියල් 134 ක් විය. ඒ අනුව යහපාලන තෙවසර තුළ රුපියල 8.2% කින් අවප්‍රමාණය වී තිබේ. යහපාලන ආණ්ඩුවේ පළමු අවුරුද්ද 2015 ගෙවෙන විට, ඩොලරයේ අගය රුපියල් 142 ක් වූ දෙවන අවුරුද්ද 2016 ගෙවෙන විට එම අගය රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අනුව මුල් අවුරුදු දෙක තුළ වසරක් පාසා රුපියල් 8 බැගින් ඉහළ ගිය ඇමරිකානු ඩොලරයේ අගය පසුගිය වසරේ රුපියල් 11 කින් ඉහළ ගියේ ය. ලංකාවේ අපනයන අංශයේ පසුබෑම, ගෙවුම් ශේෂ හිඟය පහත වැටීම වැනි අභ්‍යන්තර හේතු සහ ඇමරිකාවේ පොලී අනුපාත වැඩිකිරීම වැනි හේතු මත පදනම්ව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින් පවතින බවත්, ඒ අනුව ඉතා ඉක්මනින් ම ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200 වනු ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ‘අරුණ’ට පැවසීය.
 

More News..