brand logo

යහපත් තත්ත්වයෙන් පසුවන රටේ දේශපාලනික වාතාවරණය තව දුරටත් රැක ගත යුතුයි - කැප්පිටියාගොඩ සිරිවිමල හිමි

24 November 2019

රට මේ වන විට යහපත් තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පවා ප්‍රකාශ කරන අවස්ථාවක එම යහපත් වාතාවරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම රජ්‍ය නායකයන්ට පැවරෙන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් පවසති. යහපත් තත්ත්වයෙන් පසුවන රටේ දේශපාලනික වාතාවරණය තව දුරටත් රැක ගත යුතුව ඇතැයි උන්වහන්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සඳහන් කළහ. අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් අනතුරුව නායක හිමියන් බැහැදැකීම සඳහා ගැටඹේ රාජෝපවනාරාමය පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පුජ්‍ය කැප්පිටියාගොඩ සිටි විමල නායක හිමියන් බැහැදැක උන්වහන්සේ සමග සුහද පිළිසදරක නිරත වූහ. පසුගිය පාලන සමයේදී සිංහල බෞද්ධයන්ට විශාල හානියක් සිදු වූ අතර ඔවුන් ඒකරාශී කිරීම පවා අසීරු තත්ත්වයට පත්වුණා. නමුත් බුද්ධ ධර්මය රැක ගැනීම සඳහා සිංහල බෞද්ධයන් ඒකරාශී වුණු අතර ඒ අවස්ථාව තවදුරටත් රැක ගැනීම රාජ්‍ය පාලකයන්ගේ වගකීම යැයි කී උන්වහන්සේ මෙසේ ද කීහ. කලකිරුණු බෞද්ධ ජනතාව කෙදිනක හෝ පාලකයන්ට පාඩමක් උගන්වන්න අවශ්‍ය යැයි බලාගෙන සිටියා. ඒ තත්ත්වය උදා වුණු නිසයි ඔබතුමාලට බලයට එන්න හැකියාව ලැබුණේ.
 

More News..