brand logo

යථාර්ථය තුළ තිබෙන වඩාත් සුදුසු තීරණය තෝරාගන්න - විමල්

26 September 2019

එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුද හමුවේ ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල් වික‍්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන නායකයන් දෙදෙනාගෙන් එක් අයකුට තම දේශපාලන කාල පරිච්ෙඡ්දය අවසන් කිරීමට සිදු වීම නියත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඊයේ (25) මාවනැල්ල වියත් සංසදය සංවිධානය කළ සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය සිදු කරමින් එ් මහතා මෙසේ පැවසීය. එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. ‘‘අපට ජීවිතයේ තෝරාගැනීමට තිබෙන්නේ වඩාත් සුදුසු තේරීම්. පරමාදර්ශී විසඳුම් නොලැබෙන තත්වයක් ඇතුළේ අපට වඩාත් සුදුසු විසඳුමට යෑමට සිදු වෙනවා. මේ මොහොතේ අපට බල කෙරෙනවා මනඃකල්පිත විසඳුම් පසුපස හඹා යන්නේ නැතිව, යථාර්ථය තුළ තිබෙන වඩාත් සුදුසු තීරණය ගැනීමට. අද මේ රාජ්‍යය ආරක්ෂාව, සිංහල - දෙමළ - මුස්ලිම් ජන කොටස්වල බලවත් සමගිය මෙන්ම බලවත් ආර්ථික පරිවර්තනයක් ඉල්ලා සිටිනවා. මේ ශ්‍රී ලංකාව නමැති උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටි ජාතික රාජ්‍යය, අද එහි ස්වෛරීභාවය කිසිදු ලෙසකින් ලෝක බලවතුන් හමුවේ බිල්ලට නොදෙන නායකයෙක් ඉල්ලා සිටිනවා.
 

More News..