brand logo

යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් තිදෙනෙකු මරුට

26 May 2019

ඊයේ (25)දින සවස 7.00 ට පමණ ආණමඩුව - හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ ආඩිගම - කට්ටකඩුව පදිංචිව සිටි සමීර කසුන් කුමාර (අවු:18),ආඩිගම - කට්ටකඩුව පදිංචිව සිටි කවිදු දිල්ෂාන් (අවු:20),සහ ආඩිගම - ගල්කුලිය පදිංචිව සිටි දිල්ෂාන් මහේෂ් (අවු:20) නම්වූ තරුණයින් තිදෙනෙකි. මිය ගොස් ඇති තරුණයින් තිදෙනා එකම යතුරු පැදියක නැගී අතුරු මාර්ගයකින් පැමිණ ආණමඩුව - හලාවත මාර්ගයට අවතීර්ණ වීමට උත්සාහ කර ඇත.ප්‍රධාන මාර්ගයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් රාජකාරියේ සිටිනවා දැක ඇති තරුණයින් තිදෙනා එක්වරම යතුරු පැදිය ආපසු හැරවීමට උත්සාහ කරන විට එම මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රථයේ ගැටී ඇත. අනතුරින් තුවාල ලබා සිටි තරුණයින් තිදෙනාව එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.නමුත් ඔවුන් මිය ගොස් ඇත. අනතුර සිදුවී ඇත්තේ යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක යතුරු පැදිය ගැටීමෙනි.එම කැබ් රථය පැදවූ බව කියන යාපනය - සුන්නාවිල පදිංචි රියදුරුව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පල්ලම පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. ජුඩ් සමන්ත
 

More News..